විශේෂ අධ්‍යාපන ගුරුවරයා

සාමාන්‍ය පන්ති කාමරයේදි විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත සිසුන් හට ඉගෙනුම් අවස්ථා සම්පාදනය කිරිමේදි ගුරුවරුන් හට බෝහෝ අවස්ථා වලදි විවිධ ගැටලු වලට මුහුණ දීමට සිදුවේ. දෙමාපියන්ටද ඒවැනිම ගැටලු වලට මුහුණ පෑමට සිදුව අැත. විශේෂ අධ්‍යාපන සිසුන්ගේ ඉගෙනුම් ඉගෙන්විම් ක්‍රියාවලිය ගැටලුවක් කර ගැනීමට හේතුවක් ලෙස සඳහන් කළ හැක්කේ විශේෂ අධ්‍යාපන විෂය පිළිබඳ නොදැනුවත්වීම නිසා වු සෘණ අාකල්පයන්ය. සමහර ගුරුභවතුන් මේ පිළිබඳ දැනුවත් වී අැතත් කාලය කළමණාකරණය කර ගැනීමට අපොහොසත් වීම නිසා ගැටලුවක් කර ගෙන අැති බව සඳහන් කරමි.  මෙහි ප්‍රතිඵලය වන්නේ හැකියා අැති බහුතර විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සිසුන්ගේ ඉගෙනුම් අවස්ථා අහිමි විමය.


අධ්‍යාපනයේ නව ප්‍රවණතාවය අනුව විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් ගුරුවරයාට පැවරෙන්නේ අති විශාල වගකීමකි. අන්තර්කරණ අධ්‍යාපනය ක්‍රියාත්මක කිරීමේදි විවිධ  උෟණතා සහිත දරුවන්ගේ අවශ්‍යතා හඳුනාගෙන තම පන්ති කාමරයේදීම අධ්‍යාපනික පහසුකම් ලබා දිය යුතු වේ. සියළුම දරැවන්ගේ සම අධ්‍යාපනික අවශ්‍යතාව සපුරා දීම සඳහා ගුරුවරයාට අවශ්‍ය වන භෞතික පහසුකම් ලබා දීමට සැලසුම් කර අැති අතර මනාව සංවර්ධනය සඳහාදප්‍රමුඛතාවයක් ලබාදී කටයුතු කළ යුතුබව සඳහන් කරමි. පන්තිභාර ගුරුවරයාට නිවැරදිව විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත සිසුන් හඳුනා ගැනීමටත් ඒවැනි සිසුන්ට පන්ති කාමරයේදීම අධ්‍යාපනික පහසුකම් ලබා දීම සඳහා අවශ්‍ය වන දැනුම හා මාර්ග උපදේශනය සැපයීම  මෙම වෙබ් අඩවිය හරහා අපේක්ෂා කරමි. මෙය ඵලදායි අන්දමට භාවිතා කර ගුරු කාර්යභාර්ය සාර්ථකව ඉටු කීරීම සඳහා ධෙෙර්ය ලැබේවායි අපේක්ෂා කරමි.







Comments

  1. Mgm Grabs & Corners - Mapyro
    Mgm Grabs & 천안 출장마사지 Corners, Mgm Grabs 이천 출장안마 & Corners at 인천광역 출장샵 Mapyro. Menu, Reviews, Photos, Contact details, Mapyro, 김해 출장안마 Price. Menu, Rating, Reviews 김포 출장안마

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත සිසුන් වර්ගීකරණය

පන්ති කාමරයේදි දෘෂ්ටි උෟණතා සහිත ළමයින් හඳුනා ගැනීම