පන්ති කාමරයේදි දෘෂ්ටි උෟණතා සහිත ළමයින් හඳුනා ගැනීම
පෙනීමේ හෝ ක්‍රියාකෙරීත්වයේ දුබලතාවයක් පවතී නම් ඒය දෘෂ්ටි උෟණතාවයක් ලෙස සැලකිය හැකිය. තවද දෘෂ්ටිය භාවිතා කරමින් සිදුකරන ක්‍රියාකාරකම් වල දුර්වලතාවයක් බවතී නම් ඒය දෘෂ්ටි උෟණතාවයක් ලෙස සැලකිය හැකිය. දෘෂ්ටි උෟණතාවය හඳුනා ගැනීම සඳහා කොටස් දෙකකට වෙන් කෙරේ. ඒම කොටස් දෙක නම් පුර්ණ දෘෂ්ටි උෟණතාවය හා අර්ධ දෘෂ්ටි උෟණතාවයයි. පුර්ණ දෘෂ්ටි උෟණතාවය යනු සම්පුර්ණයෙන්ම සෘෂ්ටිය නැතිවී යාමයි. අර්ධ දෘෂ්ටි උෟණතාවය යනු ඒක් අැසක් හෝ අැස් දෙකම මඳ වශයෙන් දෘෂ්ටිය අැති වීමයි. මේ අවස්ථාවේදී අැස් කණ්ණාඩි භාවිතා කර දෘෂ්ටිය නිවැරදි කර ගන්නා අය නොසලකයි.
පන්ති කාමරයේදි දෘෂ්ටි උෟණතා සහිත ලක්ෂණ සහිත දරුවෙකු හදූනා ගැනීමට උපකාර වන ලක්ෂණ
(මෙය ප්‍රධාන වශයෙන් කොටස් 03කට වෙන් කළ හැකිය.
01. ළමයාගේ අැසින් දර්ශණය වන ලක්ෂණ
- අැස අැතුලට හෝ පිටට නෙත් හැරී තිබීම.
- අැස් වපරව තිබීම.
- රතුපැහැ ගැන්වුණ අැස්.
- නිතර තෙත් ගතියෙන් යුක්ත වු අැස්.
- නිතර සිදුවන නඟන.
- අැස් පිහාටු පිට පොත්තේ කටුවක් වැනි පිහිටීම.
- කණිනිකාවේ වළාකුළු වැනි දේ වලින් වැසී තිබීම.
- නිතර අැස් නැටීම.
- ඒල්ලී වැටෙන අැස් පිහාටු
02. හැසීරිම් ලක්ෂණ
- දුර වස්තු දෙස බලන විට හිස ඉදිරියට තල්ලු කිරිමක් හෝ පිටුපසට ගැනීමක් කිරිම.
- සමීප කාර්යන්ට කැමැත්තක් නොදැක්වීම.
- තනි අැසක් භාවිතා නිරිම.
- හිස අැලකර බැලීම
- කියවීමේදී හෝ ලිවීමේදී පොතට හෝ මේසය ළඟටම හිස ගෙන ඒම.
- කියවිමෙිදී පොත පත වඩාත්ම ළං කීරීම හෝ අෑත් කිරිම.
- ලිවීමේදී හෝ කියවීමේදී අැස් කුඩා කර හෝ ලොකු කර කියවීම හෝ ලිවීම.
- අධික හා අසාමාන්‍ය අැස් පිල්ලම් ගැසීම.
- ඒක් අැසක් අාවරණය කර ගැනීම හෝ වැසීම.
- කියවීමට අැති අකමැත්ත.
- අැස් උපකාර කර ගෙන දීර්ඝකාලීන කාර්යයන් නිමකළ පසු හෝ කියවීමෙන් පසු අැතිවන අසාමාන්‍ය තෙහෙට්ටුව.
- කියවන අතරතුරදී කියවමින් සිටි ස්ථානය මඟ හැරීම.
- කියවීමේදී පේළි හඳුනා ගැනීමට අාධාරකයන් ලෙස නිතර අැඟිල්ල භාවිතා කිරීම.
- කියවීමේදි අැස් වලට පෙර හිස ගමන් කිරිම.
- නිතර අැස් පොඩි කර බැලීම.
- අැස් නැටිම
- යන ඒන විටදී (ඒහා මෙහා ගමන් කිරිමේදී) යම් වස්තු වල හැපී වැටීමට යාම.
- ලීවීමේදී වචන හා අකුරැ අතර නිවැරදි පරතරය නොතැබීම හා පේළි කෙලින් ලිවීමට නොහැකි වීම.
- වාචික අභ්‍යාස වලට පමණක් කැමැත්ත දැක්වීම.
- ක්‍රීඩා කටයුතු වලදී මඟ හැරීම.
- සාමාන රූප අැති වචන වැරදියට උච්චාරණය කිරීම.
- අාලෝකය බැලීමට අපහසු වීම හා තද අාලෝකය නොමැතිව කීයවීමට අපහසු වීම.
03. අැස පිළිබඳ කරන පැමිණිලි
- නිතර අැති වන හිසරදය පිළිබඳ පැමිණිලි.
- හිස කරකැවිල්ල පිළිබඳ පැමිණිලි.
- අැස් දැවිල්ල,කැසීම හා නැටීම පිළිබඳ පැමිණිලි.
- අැස් වල වේදනාව පිළිබඳ පැමිණිලි.
- අැස් වලින් කදුළු ගැලීම පිළිබඳ පැමිණිලි .
- වචන හෝ පේළි ඒකට ඒක්ව පෙනෙන බවට කරන පැමිණිලි.
කෙනකුගේ දෘෂ්ටිය කීප අයුරකින් පරීක්ෂා කර ගැනීමට හැකිය. දුර පෙනීම , ලඟ පෙනීම හා පාට වර්ග නොපෙනීම වේ. දෘෂ්ටි ක්ෂේත්‍රය අසම්පුර්ණව පෙනීම අාදී වශයෙන් දැක්වීය හැකිය. මෙයින් වඩාත් වැදගත් වන්නේ දුර පෙනීම පරීක්ෂා කරවා ගැනීම වේ. දුර පෙනීම පරීක්ෂා කරවා ගැනීමට කුඩා ළමුන් හා අකුරු නෙදන්නා අය සඳහා සංකේත අැතුළත් දර්ශකයක් යොදා ගනු ලැබේ. ඒයින් ඒකක් නම්ඉං ග්‍රීසි අකුරු විවිධ පැති වලට හරවා සාදා අැති දර්ශකයයි. මෙම දර්ශකය ස්නෙලන් දර්ශකය යන නමින් හඳුන්වනු ලැබේ. මෙම දර්ශකය භාවිතා කර දෘෂ්ටි පරීක්ෂා කීරීමේදී පහත සඳහන් ක්‍රමවේද භාවිතා කළ යුතුය.
- ළමයා ප්‍රබෝදමත්ව සිටින උදය වරැවේ සුදුසු වේලාවක් තෝරා ගෙන අාලෝකය හොඳින් අැති නිසල ස්ථානයක් තෝරා ගැනීම.
- ළමයාගේ අැස් මට්ටමේ සිටින ලෙසට ඡනේල නොමැති බිත්තියක ස්නෙලන් දර්ශකය සවි කිරිම.
- දර්ශකයේ සිට අඩි 20ක් (මීටර්6ක්) අෑතින් ළමයා වාඩි කිරිම.
- ඔබ ළමයාගෙන් බලාපොරොත්තු වන ක්‍රියාකාරකම ගැන පැහැදිලිව විස්තර කරන්න. හස ක්‍රියාකාරකම ළමයාට අවබෝධ වී අැතයි තහවුරු වන සේ අභ්‍යාස කිරිම වරදක් නැත.
- ඒක අැසක් අැස් වැස්මකින් වසා අැස් දෙක වෙන වෙනම සරීක්ෂා කරන්න. අැස් වැස්ම පාවිච්චි කරන අාකාරය ළමයාට පෙන්වන්න. (කඩදාසි ගොටුවක් භාවිතා කළ හැක.)
- බල කිරිම් හෝ පෙරෙත්ත කිරිම් නුසුදුසුය. ඉන් පරික්ෂන ප්‍රතිඵලය අාසාර්ථක විය හැකිය.
- ළමයා පරීක්ෂණයට සුදානම් නොමැති නම් වෙනත් වේලාවක් යොදා ගන්න
- ළමයා තම වම් අැස අාවරණය කර ගත් පසු මුලින් දෙන ලද උපදෙස් පරිදි කියවිය යුතු පේළිය පෙන්වා පරීක්ෂණය අරබන්න.
- ඉන් පසුව දකුණු අැස අාවරණය කර ගැනීමට සලස්වා මෙම ක්‍රියාවලිව නැවත කරන්න.
- අවසන් ප්‍රතිඵලව සටහන් කරගන්න. උදා-: 6/6 , 6/15.
- සාමාන්‍ය පෙනීම අැස් දෙකේම 6/6කි. ඒක් අැසක 6/6 අඩු පෙනුමක් සටහන්ව අැතිනම් මෙම පරීක්ෂණය නැවත දිනක කරන්න. ඒම ප්‍රතිඵලයම නැවත ලැබුණි නම් ළමයා වෙෙද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකරවන්න.
- දෘෂ්ටි ක්‍රියාකාරීත්වය අැඟයීමේ මුලික අපේක්ෂා වනුයේ ඒ ඒ ශිෂ්‍යයින් සතු ඉතිරි වී අැති පේනීමේ අාකාරය කුමක්ද යන්න වටහාගෙන ඒයට යෝග්‍ය අන්දමින් ඉගෙන්වීමේ කාර්යයන් ගොඩනැගීමයි. ඒමෙන්ම දෘෂ්ටි හැකියාව වර්ධනය කිරිහ සඳහා කළ හැකි යමක් වේනම් ඒ් සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරිමයි.
අඩු පෙනුම අැති ළමයෙකු ඉගෙනුම ලබන පන්තියක ගුරුභවතෙකුට ප්‍රයෝජනවත් විය හැකි කරුණු කිහිපයක්.
- අඩු පෙනුම අැති ළමයාට පන්තියේ සුදුසු අාසනයක් ලබා දීම.
- අාලෝකය හොඳින් අැති හා දුර ප්‍රමාණය ළමයා සමඟ සාකච්ඡා කිරිමේන් පසු ස්ථාන ගත කිරිමට සැලැස්වීම.
- මෙවැනි ළමයින් අතැම් විට කළු ලෑල්ලසමීපයෙහි සිට කියවීමට සිදුවීම නිසා අභ්‍යාස සඳහා වැඩි කාලයක් ලබා දීම.
- කළු ලෑල්ල සමීපයෙහි ස්ථාන ගත කළත් දරැවාට කියවීමට නොහැකි නම් ගුරුවරයා විසින් පිළියෙල කරන ලද විශාල කළ පැහැදිලි අභ්‍යාස පිටපත් ලබා දීය යුතුය.
- අැස් ළඟටම ගෙන කියවීමට කැමැත්ත දක්වන අඩු පෙනීමක් අැති ළමයින්ට ඒසේ කිරිමට ඉඩ දීම.



Comments
Post a Comment